01) ආර්ය සහෝදරත්වය - Aryan Brotherhood (AB,The brand)
02) මෙක්සිකානු මාෆියා - Mexican Mafia (La eMe)
මෙය 1950දී ආරම්භ වූ මෙක්සිකානු කල්ලියක් වන අතර මොවුන් ඉතා භයානක කල්ලියක්ද වෙනවා,ඊට හේතුව මොවුන් රහස් සංවිධානයක් වන නිසා,ඔවුන් කල්ලියේ සාමාජිකයන් කවුද යනවග හෙළි නොකරයි.විශේෂයෙන්ම මත් ද්‍රව්‍ය සැපයීම,කප්පන් ගැනීම,මිනි මැරීම වැනි නීතිවිරෝධී ක්‍රියා මොවුන්ගේ ජිවන මාර්ගයි.මොවුන් තම සතුරන්ගෙන් පලිගන්න ඉතා ප්‍රසිද්ධ කල්ලියකි.
03) කෙන්යාවේ මාෆියා - The Mungiki
1980දී ආරම්භ වූ මෙම කල්ලිය "cells " යන නමින්ද හදුන්වයි.මොවුන් කෙන්යාවේ ක්‍රියාත්මක වන කල්ලියක් වන අතර විශාල ලෙස මිනීමැරුම් හා ජාවාරම් වලට සම්බන්ධ අතර එයින් බහුතරයක් පොලිස් නිලධරීන් වීම විශේෂත්වයක්.මොවුන්ගේ තවත් විශේෂත්වයක් වන්නේ ඔවුන් දැඩි ලෙස ක්‍රිස්තියානි විරුද්ධවාදීන් වීමයි.
04) ලොස් සෙටස් - Los Zetas
මොවුන්ද මෙක්සිකෝවේ ප්‍රසිද්ධ හා ප්රචණ්ඩ කල්ලියක් වේ.මොවුන් විශේෂයෙන්ම ආයුධ ජාවාරම් සදහා ප්‍රසිද්ධ අයුධ සන්නද්ධ කල්ලියක් වන අතර දැනට වසරකට මෙක්සිකෝව තුල සිදුවන මරණ වලින් 40% ක වගකීම මොවුන් සතුව ඇත.දැනට මෙක්සිකෝව තුල ක්‍රියාත්මක වන වඩාත් සංකීර්ණ හා තාක්ෂණානුකුල කල්ලියක් ලෙස මොවූන් හදුන්වයි.
05) යමාගුචි - Yamaguchi
ලෝකයේ පැරණිම කල්ලි වලින් එකක් වන මෙය 1915 ආරම්භ කර දැනට ජපානයේ විශාලතම කල්ලිය ලෙස හදුන්වයි.සාමාජිකයන් 55000කට වැඩි පිරිසක් සිටින මෙම කල්ලිය සූදු,ලිංගික ජාවාරම්,මිනි මැරුම් හා ආයුධ ජාවාරම් ඔවුන්ගේ ප්‍රධාන අදායම් මාර්ගය කරගනිමින් දැනට ලෝකයේ ධනවත්ම කල්ලි අතර ප්‍රධාන තැනක් ගනිමින් සිටී.දැඩි නිති ඇති කල්ලියක් වන අතර සාමාජිකයන්ගෙන් සිදුවන වැරදි වලට ඔවුන්ට වේදනාකාරී දඩුවම් ලබාදෙයි.
06) නිරයේ දේව දුතයන් - Hell’s Angels
මොවුන් එක්සත් ජනපදයේ සහ ලෝකයේම ප්‍රසිද්ධ කල්ලිය වලින් එකක් වන අතර සාමාජිකයන් සියලු දෙනාම ඔවුන්ගේ කල්ලියේ ලංචනය ඇති කබායක් ඇද Harley-Davidson මෝටර් සයිකලයක් පදිමින් ඔවුන්ගේ බල ප්‍රදේශය තුල විවිද මංකොල්ලකෑම්,ප්රචන්ඩ ක්‍රියා කරමින් සැරිසරයි.
07) ක්‍රිප්ස් - crips
මෙම කල්ලිය වයස අවුරුදු 16 පිරිමි ළමුන් පිරිසක් එක්ව 1969දී පිහිටා,දැනට එක්සත් ජනපදය තුල සාමාජිකයන් 33000කට අධික පිරිසක් ඇතුලත් භයානක කල්ලියක් වෙයි.ඔවුන් බහුතරයක් නිල් පැහැති ඇදුමෙන් ඔවුන්ගේ ප්‍රදේශය තුල විවිද ආකාරයේ ප්රචන්ඩ ක්‍රියා කරමින් හැසිරෙයි.
08) Bloods
මෙම කල්ලිය ලොස් ඇන්ජලිස් නගරය ආශ්‍රිතව ගැවසෙන crips කල්ලියේ ප්‍රතිවාදී කල්ලියක් වෙයි.මොවුන්ගේ ප්‍රධානතම ආදායම් මාර්ගය කප්පන් ගැනීමයි.මොවුන් සැමවිටම රතු වර්ණය පාවිච්චි කරයි.
09) MS-13
"Mara-salvatrucha","Maras" ලෙසින්ද හදුන්වන මොවුන් 1980දී ආරම්භ කර දැනටඇමරිකාව,බ්‍රිතාන්‍ය,ජර්මනිය,කැනඩාව දක්වා ව්‍යාප්තවී ඇත .ප්‍රධාන වශයෙන් මොවුන් මත්ද්‍රව්‍ය හා හොර බඩු ජාවාරම සදහා ප්‍රසිද්ධ වී ඇත.
10) Texas Sydicate(Texas-7)
Texas 7 කල්ලිය කැලිෆෝනියාවේ ප්‍රසිද්ධම කල්ලි වලින් එකකි.මෙම කප්පන් කල්ලියේ නමේ අර්ථය (self protection ) ස්වයං ආරක්ෂාව වේ.මොවුන් පිටතින් එන කිසිම කෙනෙකුට තමන්ගේ සාමාජිකත්වය නොදෙයි.දැනට සාමාජිකයන් 2000කට අධික පිරිසක් මෙහි සාමාජිකත්වය දරයි.