ඉංග්‍රීසි භාෂාව ගැන දුර්ලභ කරුණු 12ක්... (12 rare facts about english)

 
ඉංග්‍රීසි භාෂාව යනු අන්තර්ජාතික මිනිස් සබඳතා සහ ව්‍යාපාරික අවස්ථා පුළුල් කරන්නා වූ භාෂාවකි. සෑම පුද්ගලයෙකුටම ඉංග්‍රීසි සාක්ෂරතාව නොමැතිව ලංකාව තුලම පවා බොහෝ අපහසුතාවන්ට ලක් වීමට සිදු වනු ඇත. එමෙන්ම මෙම අන්තර්ජාතික භාෂාව තම දරුවන්ට ඉගැන්වීමටද දෙමාපියන් තුල ඇත්තේ දැඩි අවශ්‍යතාවයකි. අපි හැමෝටම එදිනෙදා ජීවිතයේදී හමුවන ඉංග්‍රීසි භාෂාව ගැන අප සොයාගත් සුන්දර කරුණු කිහිපයකි.      
ලොව සිටින සෑම පුද්ගලයන් හත්දෙනෙකුගෙන් එක් අයෙක්ම ඉංග්‍රීසි කතා කරයි. 
ලොව පුරා ඇති පරිඝනක තුල ගබඩා කර ඇති තොරතුරු වලින් 80%ක්ම ගබඩා කර ඇත්තේ ඉංග්‍රීසි භාෂාවෙනි.
 පොදු භාවිතයේ තිබෙන පණකුරු නැති දිගම වචනය "RHYTHMS" වේ. 
සෑම මිනිත්තු 98කට වරක්ම ඉංග්‍රීසි භාෂාවට අලුත් වචනයක් එකතු වේ.

 ස්වීඩනයේ මිනිසුන්ගෙන් 89%ක්ම ඉංග්‍රීසි ව්‍යවහාර කරයි.
BRIDE(මනමාලිය) යන්න පැරණි ජ(ර්)මානු බසින් බිඳී එන්නක් වන අතර එහි තේරුම TO COOK(උයන්නට) යන්නයි.
QUEUE යන වචනයේ අවසන් අකුරු 4ම ඉවත් කලද එහි ශබ්දවීමේ කිසිඳු වෙනසක් සිදු නොවේ. 
MORTAGE (උකස්කරය) යන වදන මරණ පොරොන්දු පත්‍රය යන තේරුම් ඇති ප්‍රංශ වදනකින් බිඳී එන්නකි. 
ඉංග්‍රීසියෙන් ලියවී ඇති සියල්ලෙන් 90%ක්ම ලිවීමට භාවිතා කර ඇත්තේ වචන 1000ක් පමණකි.


ඉංග්‍රීසි භාෂාවේ වැඩිම වචන ගණනක් ආරම්භ  වන්නේ S අකුරෙනි.
චෙස් ක්‍රීඩාවේදී භාවිතා කරන CHECKMATE (චෙක් මේට්) නම් පදය 14වෙනි සියවසේදී භාවිත වූ රජු අසරණයි යන තේරුම් ඇති "SHAH MAT" නම් පදයෙන් බිදී එන්නකි.
ජුනි සහ නොවැම්බර් අතර ඇති මාස වල පළමු අකුරු එකතු වී JASON යන නම සෑදී ඇත.(June,August,September,October,November)

Reference:
http://www.buzzfeed.com/robynwilder/delightful-facts-about-the-english-language#1wkdll1
www.factslides.com/s-English