BMICH එක ඔබ නොදත් කරුණු 10ක්.


1.BMICH එකෙහි වැඩ නිම කළේ 1973දී.

 


  

2.BMICH එක චීන මහජන සමූහාණ්ඩුවෙහි ත්‍යාගයකි.

 


 

3.1956-1959 කාළය තුල ලංකාවේ (එවකට සිලෝන්) අගමැතිව සිටි සොලොමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරණායක මහතා අනුස්මරණය කරමින් එය නම් කෙරිනි.

 

 

4. 1998 දී චීනයේම ත්‍යාගයක් ලෙස සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන මධ්‍යස්ථානය BMICH එක තුල ඉදි කෙරිනි. 



5.BMICH එක ගොඩනැගීමේදී සැලකිය යුතු අමුද්‍රව්‍ය ප්‍රමාණයක් චීනයෙන් ආනයනය කර ඇත.


6.BMICH එක කළමනාකරණය වන්නේ ලංකාවේ ජනාධිපති මුලසුන හොබවන බණ්ඩාරණායක ජාතික අනුස්මරණ පදනමිනි. 


7.BMICH එක වර්ග මීටර 93 000ක වපසරියකින් යුක්තය.


8.BMICH එකේ පැවැත්වූ ඓතිහාසික උත්සව වන්නේ,

8.1)නොබැදි ජාතීන්ගේ සමුළුව 1976



8.2)පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව 2013



8.3)ලෝක තරුණ සමුළුව 2014

9.BMICH එක තුල ඇති සංවිධාන හා ආයතන.

  • Bandaranaike International Diplomatic Training Institute
  • Bandaranaike Centre for International Studies (BCIS)
  • LankaCert - Computer Emergency Response Team of the Sri Lankan Government
  • National Police Commission
  • Rakna Arakshaka Lanka Security Ltd.

10.එකෙහි පැවැත්වෙන විශේෂ දේශීය උත්සව

  • BMICH Life Style Shopping Expo (April and December)
  • Colombo International Book Fair
  • Wedding Show
  • Bridal show
  • Pro Food
  • Facets Gem
  • Motor show
  • Kedella (Architectural and furniture)
  • Architect
සෑම රටකම වෙබ් පිටු තමන්ගේ රටේ ඇති වැදගත් දේ ගැන ලියන්නට වෙර දරන්නේය. එම රටවල මිනිසුන්ද තම දේ අගයමින් එය එය කියවා තම රට ගැන ආදරයක් ගෞරවයක් ආඩම්බරයක් තම සිතේ ඇති නිසා ඔවුන් එය සෑම දෙනාටම පවසන්නේය. ඉතින් අපද වරක් උත්සහ කලෙමු. ශ්‍රි ලංකාව ගැන කරුණු ගොනු කර අප ලීවෙමු. වෙනත් රටක් ගැන හෝ වෙන රටක ප්‍රසිද්ධ දෙයක් ගැන ලිව්වානම් ශෙයාස් පමණටත් එහා ලැබේ. වෙබ් පිටුවක් ලෙස "මොනවා හෝ දෙයක් ලියා ප්‍රසිද්ධ වීමේ පටු අරමුණක් අපට නැත." එනිසා අප රටට ඇති ආදරය නිසාවෙන් මෙලෙස ලියන්නේය. ඉංග්‍රීසි පිටුවකින් පරිවර්තනය කර දැමීම පහසුය. නමුත් අප රට ගැන ලිවීමේදී අප තොරතුරු රැස් කළ යුතුය. ඒවා පිළිවෙලට රසවත් අයුරින් සැකසිය යුතුය.පින්තුර එකතු කළ යුතුය. අප ඉතා විශාල වෙහෙසක් දැරුවෙමු. මම ඔබට ශෙයා කරන්නැයි නොකියමි. නමුත් අප රට ගැන වටිනා කතාබහක් ඇති කළ යුතුයි යන චේතනාවෙන් අප කළ දෙයට ඔබට හැකි දේ කරනු ඇතැයි අපි විශ්වාස කරමු.

මෙම ලිපිය අගටද මම ශ්‍රි ලංකාව ගැන ලිපියේ අගට ලියූ වාක්‍ය කිහිපය මෙලෙස ඇතුලත් කරමි.

සෑමදාම ශ්‍රී ලාංකිකයෙකු වීම ගැන ආඩම්බර වෙමි. අපේ ශ්‍රී ලංකාව රැකගෙන එය පෙර රජ දවස මෙන් යලිත් ලොව මවිත කරවන සොඳුරු, නව්‍යකරනයෙන් පිරි මිනිස්දම් වඩාගත් රටක් වනු දැකීම අපගේ ඒකායන පැතුමයි.