Skip to main content
ලොව අසාමාන්‍යම ලෙඩවල් 10.
1. Elephantiasis(Lymphatic filariasis)
ශරීරයේ කොටස් අසාමාන්‍ය ලෙස විශාල වීමට ගනී.මදුරුවන්ගෙන් ව්‍යාප්ත වන රෝග කාරක පණුවන්ගෙන් ව්‍යාප්ත වේ. ලොව පුරා ම්නිසුන් මිලියන 120ක් මෙම රෝගයෙන් පීඩා විඳින අතර ඉන් මිලියන 40ක්ම ඉතා අසාධ්‍ය තත්වයේ සිටී.
2. Progeria:
ජාන හා බැඳුනු ඉතා කුඩා වැරැද්දක් නිසා මෙය සිදුවන අතර මෙලෙස උපදින දරුවන් බොහෝ විට වයස 13ක් පමණ කාලයක් ජීවත් වේ. කුඩා කාලයේදීම හදවත් රෝග ඇතිවීම, තට්ටය පෑදීම, අස්ථි හා අතපය ඉතා තුනී වීම වැනි ලෙඩ රෝග සෑදේ. මෙය ඉතා දුර්ලභ රෝගයක් වන අතර ලොව මේ රෝගය සෑදී ඇති මිනිසුන් ජීවත් වන්නේ 100කටත් අඩු ප්රමාණයකි.(2007දී 48කි.)
3. Werewolf Syndrome:
දැක්ක ගමන්ම පේනවනේ. මේ ලෙඩ තමයි වෘකයෝ වගේ ශරීරය රෝම වලඉන් වැසීම. මේ සහෝදරයො දෙන්නට X-Files කතා මාලාවේ රගපාන්න ආරාධනා කරත් එයාලා ඒක ප්‍රතික්ශේප කරලා.
4. Blue Skin Disorder:
කෙන්ටකි වල 1960 ගනන් වල තමයි මේ මිනිස්සු ඉඳල තියෙන්නේ. මොවුන්ට කිසිම ලෙඩක් නැතුව වයස 80ටත් වඩා ජීවත්වීමේ හැකියාව තිබ්බලු. තිබ්බ එකම ප්‍රශ්නේ ඉතින් එයාලා නිල් පාටයි.
5. Pica
ටිකක් හිතාගන්න බැරි ලෙඩක්. එයාලට තියෙන ලෙඩ තමයි ආහර නොවන ද්‍රව්‍ය ආහාරයට ගැනීමට තියෙන දැඩි කැමැත්ත. කුණු දූවිලි, පත්තර, ගම්, ක්ලේ වගේ දේවල් කන්න වැඩි ආසාවක් තියෙනවලු. මේකට හේතුව වත් බෙහෙත් වත් තාම හොයාගෙන නම් නෑ.
6. Vampire Disease
මෙම රෝගයෙන් පෙළෙන අයට හිරු කිරණ දරාගන්න බෑ. ඇඟට හිරු කිරණ වැටුන ගමන්ම සිරුරේ රතු පැහැ බිබිලි මතුවී දැඩි වේදනාවක් දැනෙනවලු. මේක හැදුනොත් නං අපේ රට වගේ රටක ඉන්න ගොඩාක් අමාරු වෙනවා.
7. Alice in Wonderland syndrome
බොහොදේ පොඩිවෙලා පේන්න ගැනීම හෝ දේවල් ඇති පමණට වඩා දුර බව පෙනීම හෝ ළග බව පෙනීම මෙම රෝගයේ ලක්ශණයි. මෙය සැදුන අයෙකුට පූසෙකු මීයෙකුටත් වඩා කුඩාවට පෙනීමේ ඉඩ කඩ ඇත.
8. Blaschko's lines
1901දී ඇල්ෆ්‍රඩ් බ්ලැශ්කෝ විසින් මෙය සොයාගත් අතර මෙය කුමක්දැයි විස්තර කිරීමට තවමත් නොහැකි වී ඇත. පිට, උදරය හා පපුව යන ස්ථාන වල හැඩයට ඉරි මතුවීම මෙම රෝගයයි.
9. Walking Corpse Syndrome
මෙම රෝගය සෑදුණු අයට තමන් මියශී ඇති බවත් තමාගේ මස් කුණු වන ගදත් ඇගේ පණුවන් ඇති බවත් දැනෙන බව සොයාගෙන ඇත. ඉන් ටික කලකට පසු මරනින් පසුත් ජීවත්වෙන තමන් අමරණීය යැයිද ඔවුන්ට හැගෙනවලු.
10. Jumping frenchman disorder
පොඩි දේකටත් විශාල ලෙස භියවී කම්පනයට පත්වීම මෙම රෝගගයි. පොඩි කිවිසුමක් පවා බෝම්බයක් පිපුරුවා සේ ඔවුන්ට දැනෙනවලු.