අම්මෝ මේ ඉරේස(ර්) එකනන් අමතක වෙන්නෙ නෑ. මගේ පොත් කෑවා. නිල් පාට පැත්තෙන් තීන්ත යවන්න පුළුවන් නිසා මකනවා මකනවා මුළු ඇගේම ගැම්ම දාලා. අවසානෙට මැකුව පිටුව ඉරන් අනිත් පිටුවටත් ගිහිල්ලා. මතකද දන්නේ කට්ටියට ඒකේ තිබ්බා නිකන් වැලි වැලි වගේ ගතියක්. ඒ දවස්වල නන් තේරුනේ නෑ. හැබැයි දැන් තමයි තේරෙන්නේ මේ පාට තුන ඇමරිකාවේ පාට බව. කොහොම උනත් මට පුදුම මලක් පනින්නේ ඔය ඉරේසර් එකත් එක්ක.
මේවා නන් තාමත් තියෙනවා. එක එක චරිත වල නම් ලියලා කරේ. මට හරියට මතක නෑ මේක කොහොමද හදන්නේ කියලනන්.
අප්පේ!!! ගණිතය පාඩම. 2 වසරෙදි හරි 3 වසරෙදි හරි පන්තියට ගෙනාවේ මේවා. දහවරක් බැරි නන් මෙන්න භාණ්ඩේ.
පැන්සලත් එක්කම ආව මේ ඉරේස(ර්) එකත් මල වදයක්. කොච්චර මැකුවත් මැකෙන්නේ නෑ නේ. අනිවාරෙන් ඉතින් පැන්සල් පාර ඉතිරි වෙනවා. හොද ඉරේස(ර්) එකකින් මකන්නම වෙනවා. ඒ උනාට හදිස්සියට ගොඩක් වටිනවා.
තුඩ මාරු කරන පැන්සල්. ඒ දවස්වල රුපියල් දහයයිද කොහේද... එකක් ගත්තොත් ඉතින් පන්තියට ගිහින් වැඩ්ඩ වගේ ලියනකන් ඉවසිල්ලක් නෑ. එක තුඩක් කැඩුනොත් හරි නැති උනොත් හරි කොළ කෑල්ලක් ඔබලා ආයිම හදාගන්නවා. අනිත් ජොලිම වැඩේ තමයි මේ පැත්තෙන් තුඩ අරන් අනිත් පැත්තෙන් ආයිම දාන එක.
අතට අල්ලගන්න බැරි උනත් පුදුම ආසාවක් තිබ්බෙ මේකෙන් ලියන්න. හැබැයි ලොකු පන්තිවලට යද්දි ටිකක් වේගෙන් ලියන්න ඕන උනම නන් මේක හරි ගියේ නෑ. මට මතක විදියට මේ පෑන් වල තීන්ත නන් ඒ තරන් පාට නෑ. තුඩත් ටිකක් සැර වැඩියි.
අම්මෝ මේක තමයි මගේ ප්‍රියතම ඉරෙස(ර්) එක.කඩෙන් ගත්ත ගමන් පුදුම සුවදක් තියෙන්නේ.කෑමකින් එන සුවදක් වගේ. කන්න හිතයි. අර පළතුරු ඉරේස(ර්) වල මැද කෑල්ල ලිඝ්ට් එකට ඇල්ලුවම ජෙලි වගේ ලස්සනයි.
නටරාජ් කවකටු පෙට්ටිය. ඒ දවසවල ඔක්කොම ගාව වගේ තිබුනේ මේකනේ. කවකට්ටෙ පට්ට කොලිටි එකක් තියෙන්නෙ. හැබැයි ටික ටික නටරාජ් එකට වඩා ඇට්ලස් එක හොද උනා. ඊටඔපස්සෙ නන් ඇට්ලස් තමයි දිගටම ගත්තේ.
ඔයත් මේවා පාවිච්චි කල කෙනෙක් නන් මේක ශෙයා කරන්න අමතක කරන්න එපා.