කෝපි ගැන ඔබ නොදත් කරුණු 13ක් on October 17, 2015 Get link Facebook X Pinterest Email Other Apps හැමදාම බිව්වත් කෝපි ගැන හොයලා බැලුවද. ඔන්න අපි හොයාගත්ත කරුණු ටික ගෙනාවා. බලන්නකෝ කලින් අහල තියෙනවද කියලා. 1.එන(ර්)ජි ඩ්‍රින්ක්ස් නැත්නම් ශක්තිය ගෙන දීම සඳහා බොන කිසිදු පානයක කෝපි කෝප්පයක තරම් කැෆේන් නොමැත. 2.දිනක කෝපි කෝප්ප බිලියන 2.25 ලොව පුරා පාණය කෙරේ. 3.ලොව වටිනාම විකුණූ භාණ්ඩ අතර දෙවනි තැන කෝපි වලට හිමිවේ. පළමු තැන පෙට්රෝලියම්ය. 4.උදෑසන 9.30 සිට 11.30 දක්වා කාලය තුල බොන කෝපි ඉතා ඵලදායීය. 5.කොරියාවේ සහ ජපානයේ ඔබට පූසන් සමඟ ගොස් කෝපි බොන්න පුළුවන් කැට් කැෆේ තියෙනවලු. 6.ලොව පළමු වෙබ් කැම් එක කේම්බ්‍රිජ් විශ්විද්‍යාලයේදී නිපදවූයේ කෝපි එකක තත්වය වාර්තා කිරීම සඳහාය. 7.1910දී පමණ ජෝජ් වොශිංටන් නම් පුද්ගලයෙකු විසින් ක්ශණික කෝපි සොයාගන්නා ලදි. 8.සුවද දැනෙන තරම් කෝපි රසවත් නොවේ. ඒ මුඛයේ ඇති කෙළ රසයෙන් භාගයක්ම නැති කර දමන නිසාය. 9.කෝපි බීම ක්ශණිකව ලේ ගමනාගමනය වැඩි කරයි. 10. Hello සහ Please කියලා කියන්නෙ නැත්තන් ප්‍රංශයේ තියෙන අවන් හලකදි කෝපි එකේ ගාන වැඩි කරනවලු. 11. ලොව ඇති මිළ අධිකම කෝපි ජාතියක් හදනු ලබන්නේ තායි අලින්ගේ මලපහ වලිනි. 12. "කෝපි" යන වචනය බිදී එන්නේ අරාභි භාශාවෙන් එන "බීජ වල වයින්" යන්නෙනි. 13. ලොව වැඩිම ඒක පුද්ගල කෝපි භාවිතය ඇති රට නෙදර්ලන්තයයි. එය දිනකට කෝප්ප 2.4කි.