ඇමරිකාවේ යෙලෝස්ටෝන් ජාතික වනෝද්‍යානය අසල ජීවත්වන ඩේරියස් සස්නෝකස් නම් ලිතුවේනියානු ජාතිකයා, ඔහුගේ නිවස ආසන්නයේදී මුව දෙනක් පැටවුන් දෙදෙනෙකු වදන අයුරු දුටුවේය. නමුත් එහි අමුත්තක් තිබිනි.
කෙසේවෙතත් හවස් වන විට මෙම මුව පැටවාගේ කණ්ඩායමම මුව පැටවා එතන දමා යන්නට ගියේ මෙම මුව පැටවාට ඇවිදීමට නොහැකි වූ නිසාය.
දරුණු සතුන්ගෙන් පවා පිරුණු එම කැලය තුළ දුවගැනීමට වත් නොහැකි මෙම මුව පැටියා අතැර පැමිණීම ඩේරියස්ට කළ නොහැක්කක් විය.
ඔහු මුව පැටවා ගෙනවිත් සාත්තු කළේය.
කකුළ සුව වන තෙක් අහාර පාන දී රැකගත්තේය.
මුව පැටවා සෙමින් සෙමින් ඇවිදීමට ඉගෙන පටන් ගත්තේය.
දැඩි පරිශ්‍රමයකින් පසු මුව පැටවාගේ කකුල සුවපත් කල ඩේරියස් එක් සවස් යාමයක මුව පැටවා කැලයට නිදහස් කිරීමට ගියේය. නමුත් ඩේරියස්ගේත් මුව පැටවාගේත් බැදීම දැඩීවී තිබිනි.
මුව පැටවා යළි පැමිණියේය. මෙසේ දින කිහිපයක පරිශ්‍රමයකින් පසු එක් සවස් යාමයක මුව පැටවාගේ මව යළි පැමින පැටවා රැගෙන ගියේය.
සැබැවින්ම මනුශ්‍ය ගුණධර්ම පෙන්වූ මේ මිනිසාට අපගේ උත්තමාචාරය.
මුළු කතාවම පෙන්වන වීඩියෝව පහතින්.