ඇයට වඩ වඩා ආදරය පෙන්වන්න කෙසේද?


 ඇය දුකෙන් සිටින විට ඇයගේ හැසිරීම් සහ ඇය සතුටින් සිට්න විට ඇගේ හැසීරීම් නිරීක්ෂණය කරන්න.ඒවා වෙන් වෙන් වශයෙන් හඳුනගන්න. ඒවාට අනුව ඇයට පහසුවක් වන්නාවූ අයුරින් ඔබගේ වචනද සිතිවිලිද හැඩගස්වා ගන්න. ඇයට සුවයක් ගෙනෙන ඇයට වදයක් නොවෙන හැමදේම කරන්න. එපාවූ බවක් හෝ කළකිරුනු ස්වභාවයක් හෝ නොපෙන්වන්න. ඇය කතා කිරීමට සූදානම් නම් ඇයට කතාකිරීමට ඉඩ හරින්න. මැදදී කතාවට බාධා නොකරන්න. ඇය නිෂ්ශබ්ද විට ඔබ ඇයට ආදරේ යැයි පවසන්න. ඇය ශක්තිමත් බවත් ඕනම ප්‍රශ්නයකදී එයට සාර්ථකව මුහුණදීමට තරම් ඇයට ශක්තිය ඇති බව ඔබ විශ්වාස කරන බැවු දන්වන්න. ඔබේ වදන් ඇය සිටින ඕනෑම මානසික මට්ටමකින් ඇයව ඔසවා තබනුඇති.


ඔබ ඇය සමඟ සිටින විට ඇයගේ අත අල්ලාගෙන සිටින්න.  එය ඇයට විශ්වාසය, ආරක්ෂාව ඇති කරාවි. ඇය ඔබට කොතරම් නම් විශේෂද සහ වටිනවාද යන වග ඇයට පවසන්න. ඇය අපහසුතාවයට පත් නොවන අයුරින් ඇගේ නළලත හෝ දෑත් සිපගන්න. ඔබ ළඟදී ඈ සුරක්ෂිත වග ඇයට දැනේවි.  ලොව කොතරම් දේ පැවසුවත් ඔබ ඇය සමගම සිටින බව ඇයට පවසන්න.  



සතුට වනාහී අප සිත් තුල ඇති දෙයක් බැවින්, එය ඇතිකර ගැනීම, වඩවාගැනීම නැතිනන් අඩුකර ගැනීම, විනාශ කර ගැනීම අප සතුය. ඔබ සතුටින් සිටීමට ප්‍රියයි නම්,
                                   නිහතමානී වන්න... 
                            හොඳින් ඇහුම්කන් දෙන්න... 
                    අවශ්‍ය වූ විට නිෂ්ශබ්ද වන්න(එය කිසිසේත්ම ඔබට මදි පුංචි කමක් නොවේ නොවේ.)... 
            ආදරය සිත තුල සඟවාගෙන නොසිට එය ප්‍රකාශ කරන්න...         ඔබ ජීවිතයේ සිඳුවන පුංචි වෙනසක් පවා ඇයට දැනුම් දෙන්න... 
                    නිරතුරු සත්‍ය ප්‍රකාශ කරන්න... 
                        පුහු මානය අතහරින්න... 
                 විවෘතව කතා කරන්න... 
එක්ව ප්‍රශ්න වලට විසඳුම් සොයන්න... 
                    ආදරය විඳින්න...