ලොව ඉපදුන විශාලතම බබාලා 9.

සාමාන්‍ය දරුවෙක්ට වඩා බරින් හෝ දිගින් දරුවන් ඉපදීම දුර්ලභ මෙන්ම ඉතා අසාමාන්‍ය සිදුවීම් නිසාවෙන්ම අපි ලොව වර්ථා අතර සිටින බබාලගේ විස්තර මෙලෙස ගෙන ආවෙමු.


 1# ජස්ලීන්-ජර්මනියේ විශාලතම බබා

වසර 2013දී මෙළොව එලිය දුටු ජස්ලීන් බරින් කිලෝග්‍රෑම 6.1ක් හා දිගින් අඟල් 22ක් වුනා.

2# ස්ටෙෆන් ලිට්ල්-ඕස්ට්‍රේලියාවේ විශාලතම බබා

1963 උපන් ස්ටෙෆන් උපදින විට කිලෝග්‍රෑම් 7.399ක් වුනා. දැන් වයස 52ක් වන ඔහු සාමාන්‍ය උසක් හා උසට සරිලන බරකින්ද යුක්තයි.

3# ස්පේන්හි විශාලතම බබා

40ස් හැවිරිදි මවකට දාව උපන් මේ බිළිදාගේ බර කිලෝග්‍රෑම් 6.2ක් වුනා. මෙහි තවත් විශේෂ කාරණයක් නම් මවට දරුවා ප්‍රසූත කිරීමට කිසිදු වේදනා නාශකයක් අවශ්‍ය වී තිබුනේ නැහැ. ඇය ස්වභාවික විදියටම දරුවා ප්‍රසූත කර තිබුනා.

4# ජෝජ් කිංග්-එක්සත් රාජධානියේ විශාලතම බබා.

රාත්තල් 15කට ආසන්න බරක් ඇති මෙම දරුවා 2013දී බිහිවන මොහොත තෙක්ම මොහු එතරම් විශාල භවක් වෛද්‍යවරු වත් දැන සිට නැහැ. කෙසේ වෙතත් දරුවා ප්‍රසූත කිරීමේදී ඔහුගේ හිසෙන් පහළ කොටස එළියට නොපැමිණීම නිසා ඔහු අසාමාන්‍ය බව වෛද්‍යවරුන්ට වැටහුණු හෙයින් ඔවුන් තව සේවක මණ්ඩලය කැදවා කෙසේ හෝ දරුවා ගත් අතර ඒ වන විට එම කාර්‍ය සඳහා 20කට අධික ප්‍රමාණයක් වැඩ කරමින් සිට තිබෙනවා.

5# ජාමිශෙල්-ටෙක්සාස් වල විශාලතම බබා

 

උපදින විට රාත්තල් 15ක් බරැති මෙම දරුවා 2011දී මෙළොව එළිය දුටු අතර ඔහුගේ දෙමාපියන් පෙරාතුවම මෙම දරුවා විශාල බව දැන සිට තිබෙනවා.

6# නඩියා කලීනා-සයිබීරියාවේ විශාලතම බබා

පවුලේ 12ස් වෙනියා ලෙස 2007දී මෙළොව එලිය දුටු නඩ්ඩියාගේ උපත් බර කිලොග්‍රෑම 7.75ක් ලෙස සඳහන් වෙනවා.

7# ඉන්දුනීසියාවේ විශලාතම බබා

2009දී මෙළොව එලිය දුටු මෙම දරුවාගේ බර කිලෝග්‍රෑම් 8.7ක් වේ.

8# ස්ටෙෆන් හෙන්ඩ්‍රික්ස් ලුවිස් ජීන්-අඟල් 13ක් දිග බබා

රාත්තක් 14කට වඩා බරැති මෙම දරුවා 2011දී මෙළොව එළිය දුටුවා.

9# ඇඩෙමිල්ටන් ඩොස් සැන්ටොස්-බ්‍රසීලයේ විශාලතම බබා

වසර 2005දී මෙළොව එළිය දුටු මෙම දරුවා කිලෝග්‍රෑම් 8ක් බරකින් යුක්ත වන අතර වෛද්‍යවරු පවසා ඇත්තේ මෙම දරුවාගේ වැඩීමට හේතුව මවගේ දියවැඩියා තත්වය බවයි පැවසෙන්නේ.