Skip to main content
ස්වභාවිකව අලංකාර නියපොතු ලබාගන්න ක්‍රම 10ක්.
1.විටමින් බහුල ආහාර වේලක් ලබාගන්න.
ශරීරයේ විටමින් ප්‍රමාණය අඩුවුවහොත් ඔබගේ නියපොතු අවපැහැ ගැන්වීමට ඉඩ ඇත. එනිසා විටමින් ඇති කිරි, බිත්තර, ධාන්‍ය, කොළ පැහැති එළවළු, කැරට්, බතල, වට්ටක්කා, රට කොට්ටං, පීච්, දොඩං, ගස්ලබු, අබ වැනි දේ.
2.නියපොතු කලට වේලාවට කපන්න.
දිග නියපොතු තිබීමෙන් ඇති ඵලක් නොමැත. එය කැඩෙන වේදනාව හැරෙන්නට දිග නියපොතු වලින් වන සෙතක් නැත. එනිසා එය කලට වේලාවට කපා පිරිසිදුව තබාගන්න.
3.නියමහ තෙතමනය රැදෙන පරිදි තබාගන්න.
ඔබගේ නියපොතු වලට කොහෙත්ම තෙතමනය අවශ්‍ය නැති අතර නියමහට නම් තෙතමය අවශ්‍යම වේ.
4.ඔබගේ නියපොතු බේකිං සෝඩා වලින් පිරිසිදු කරන්න.
ඔබගේ අතට සාමාන්‍ය සේදීමක් ප්‍රමාණවත් වුවත් නියපොතු වලට නම් ඊට එහා ගිය සත්කාරයක් අවශ්‍ය වේ. එනිසා බේකිං සෝඩ්ඩා එකට තෙත බුරුසුවක් දමා එයින් නියපොතු පිරිසිදු කිරීම කල හැක. එමෙන්ම ඔබට අමතර නිය සුදුකිරීමේ බලයක් අවශ්යැ නම් පෙරොක්සයිඩ් බිංදු කිහිපයක් හෝ දෙහි බිදු කිහිපයක් එකතු කල හැක.
5.නියපොතු නිවැරදි ආකාරයට පීරි ගාන්න.
ඔබ නිය කපනයේ ඇති පීරි ගාන කොටස භාවිත කරද්දී එයට අවධානය දෙමින් නියපොතු වලට හානියක් නොවන ආකාරයට පීරී ගාන්න. කිසිවිටකත් ඉතා රළු පීරී ගෑමක් නොකර එය මෘදුවට කිරීමට වග බලා ගන්න.
6.නිය පොතු ඔප දමන්න.
නිය පොතු ඔප දැමීමට උත්සහ කරන්න. නමුත් එය ඕනාවට වඩා කිරීමෙන් නියපොතුවල ස්වභාවික ශක්තිය නැතිවිය හැක.
7.නියපොතු ආරාක්ශා කරගන්න.
නිවසේදී සබන්, සබන් කුඩු, සෝදන දියර වැනි දේ භාවිත කිරීමේදී ග්ලවුස් භාවිත කරන්න.
8.නේල් පොලිශ් රිමූවර් භාවිතය අවම කරන්න.
රිමූවර් එකේ තියෙන ඇසිටෝන් ඔබගේ නියපොතු වල ස්වභාවික ගුණය නැති කළ හැකි අතර ඒවා භාවිත නොකරන්න. ඇසිටෝන් රහිත රිමූවර් එකක් භාවිත කරන්න.
9.වෙළෙද පොලේ ඇති කාබනික නේල් පොලිශ් භාවිත කරන්න.
මදක් මිළෙන් අධික වුව ඒවා ඉතා පහසුවෙන් ජලයේ හෝ මධ්‍යසාර වල දියවෙන නිසා එය නියපොතුවල පැවැත්මට ඉතා හිතකරය.
10.නියපොතු නිදහසේ තබන්න.
නිය පොතු සැපීම, නිය කැපීමේදී කොන් ඇද දැමීම වැනි දේයින් වලකින්න.
ස්වභාවිකව නියපොතු අලංකාරව තබාගන්න මේ ක්‍රම දහය ඔබට ප්‍රයෝජනවත් වනු නියතයි. ඔබේ පරාඅථකාමිත්වය පෙන්වා මිතුරන්ටත් බැලීමට මෙය ශෙයා කිරීමට අමතක නොකරන්න.