වියළි හෝ ​​අවුල් වී ගිය හිසකෙස් වලට ගෙදරදීම කරගන්න පුලුවන් ප්‍රතිකාර(100% ස්වාභාවිකයි.)


1. අලිපේර ප්‍රතිකාරය.


අලිගැට පේර ස්වභාවිකවම පරිපූර්ණ පෝෂදායි ආහාරයක් නිසා, එහි තෙල් හා ප්‍රෝටීන ඔබේ දැඩි අවුල් වූ කෙස් සුමට හා තෙතමනය සහිත කෙස්කලබක් කිරීමට උදවු වනු ඇත. අලිගැට පේර  ගෙඩියක් හෝ භාගයක් Creamy ගතියට පැමිණෙන තෙක් පොඩි කර peppermint තෙල්.( peppermint essential oil) බින්දු කිහිපයක් එකතු කර මිශ්‍ර කරන්න.ඉන්පසු shampoo කර සෝදාගත් කොණ්ඩයේ මේ ආලේපනය ගා විනාඩි 15ක් සිට සෝදා හරින්න,ඔබටම පුදුම හිතෙයි.(මෙයට බිත්තර කහ මදයක් හෝ යෝර්ගට් කප් භාගයක ප්‍රමාණයක් එකතු කරගත හැකිනම් වඩා ඵලදායි වේ.)


2. කෙසෙල් සමග ඔලිව් තෙල්(Olive Oil)


කෙසෙල් පාද වලට හොද ප්‍රතිකාරකයක් කියල ඔබ දන්නවා ඇති, එහෙත් කෙසෙල් පද වලට විතරක්ම නෙමෙයි, ඔබේ හිසකෙස් සඳහාද හොද ප්‍රතිකාරයකි.ඔලිව් තෙල් එක තේ හැන්දක ප්‍රමාණයක් කෙසෙල් ගෙඩියක් සමග  මිශ්‍ර කරගන්න (Creamy ගතියට එනතෙක්),ඉන්පසු ආලේපනය හොදින් කෙස්වල තවරා හොදින් සම්බාහනය කර විනාඩි 30ක්  පමණ තියෙන්නට හැර සෝදාගන්න.වෙනස අත්විදින්න.


3. වට්ටක්කා සමග මී පැණි


වට්ටක්ක වල ගොඩක් ප්‍රතිලාබ තියෙනව එහි විටමින් A හා C, බීටා-කැරොටින්, පොටෑසියම්, සහ සින්ක් වලින් පොහොසත් ආහාරයකි. හොදින් කපාගෙන (creamy)තත්වයට ගත් වට්ටක්කා, මී පැණි හැදි 1-2ක් සමග මිශ්‍ර කර ඔබේ හිසකෙස් සහ හිස්කබල මතට හැකි තරම් ආලේප කරගන්න.ඉන්පසු විනාඩි 15ක් පමණ අලේපනයට ක්‍රියාකාරී වීමට ඉඩහැර සෝදා දමන්න.


4. සීනි ජලය


ඔබේ හිසකෙස් අවුල් ජාලයක්ද?එහෙනම් මෙය  සහනයක් දේවි.වතුර කෝප්පයක් සමග (තේ හැදී දෙකක පමණ ප්‍රමාණයක) සීනි හොදින් මිශ්‍ර කරන්න. එය ඔබේ වියළි කෙස් මත,ඔබේ අත්ලට ටිකක් වත් කරගෙන හොදින් ගාගන්න. එයින් ඔබට ලොකු ප්‍රතිපලයක් ගනිමටනම් අපහසුයි,එත් එයින් යම්තාක් ඔබේ අවුල් කොන්ඩෙන් ගැලවීමට හැකි වෙයි.

මේ ප්‍රතිකාර 100%කම ස්වභාවික සහ කිසිදු බලපෑමක් නොමැති අතර විවිද හිස කෙස් වලට අනුව මේවායේ සාර්ථකත්වයන් වෙනස් විය හැක.