තොල් මෘදු කිරීමට හා මැරුන සම ඉවත් කිරීමට තොල් ආලේපණයක් නිවසේදීම හදාගමු


ඔබේ තොල් ස්පර්ශ කරන්න.රළු ගතියක් දැනේනවද? 


ඒ බොහෝ දුරට ඔබේ මැරුණු සම ​​වේ. ඔබගේ තොල් තෙතමනය අවශෝෂණය කර  එය රදවා තබාගැනීමට ඔබ ඔබේ මැරුණු සම ​අයින්කල යුතුයි. ගොඩක් දුරට අපි කරන දෙයක් තමයි අපේ දත් බුරුසුවෙන් තොල් මදින එක(සමහර වෙලාවට මේක කරන්න ගිහින් තොල් තුවාල වෙලත් ඇති)

තවත් දෙයක් තමයි Lip-Balms පාවිච්චි කරන එක(සමහර අයටනම් මේකෙන් හොද ප්‍රථිපල තියෙනව එත් කෘතීමව හදපු දෙයක් නිසා එකෙන් වෙන හානි ගැනත් බයයිනේ) අපි කියන්න යන්නේ හරිම ලේසියෙන් තොල්වල මරුන සම ඉවත් කිරීමට සහ එම සිනිදු තත්වය තියාගැනීමට ගෙදරදීම අපිටම හදාගන්න පුළුවන් ආලේපන දෙකක් ගැන.

මුලින්ම අපි මරුන සම ඉවත් කිරීම කල යුතුයි.

Lip-Scrub(100%කම ස්වාභාවිකයි.)
අමුද්‍රව්‍ය:-  තේ හැන්දක කාබනික පොල් තෙල්
                තේ හැන්දක කාබනික අමු සීනි(සාමාන්‍ය සිනි)

උපදෙස්:-  ඔබගේ පොල් තෙල් ඉතා ඝණ නම් මදක් මෘදු කරගන්න මොකද තොල් වල ආලේපනය කිරීමට එය තරමක් මෘදු වීම අවශ්‍ය වනු ඇත.(පොල් තෙල් මදක් රත් කරගත්තොත් අලෙපනයට සුදුසු තත්වයකට එනු ඇත)

ඉන්පසු ඔබගේ ඇඟිලි වලින් සීනි හා තෙල් ඇති ආලේපනය මිශ්‍ර කර එම ආලේපනය ඔබේ තොල් වල ඇගිලි භාවිතයෙන් කිහිපවතාවක්ම ගාමින් සම්බාහනය කර විනාඩි දෙකක් හෝ තුනක් සිටින්න.(මෙම කාලය ඇතුලත තොල් අලෙපනයේ ඇති තෙතමනය උරාගෙන මැරුණු සම ඉවත් කිරීම සදහා මෘදු කරයි.)ඉන්පසු ආලේපනය සෝදා ඉවත් කරන්න.(වෙනස ඔයාලටම දැනේවි)


මරුන සම ඉවත් කිරීමෙන් පසු ලැබුන තෙතමනය සහ මෘදු බව දිගටම තියාගන්නේ කොහොමද? 


Lip-Mask(100%කම ස්වාභාවිකයි.)
අමුද්‍රව්‍ය:-  තේ හැන්දක, මී පැණි 
                  (විකල්ප) ½ ක තේ හැන්දක නැවුම් දෙළුම් යුෂ

දොඩම් යුෂ විකල්පයක් විදියට දාල තියෙන්නේ ඔබට මීපැණි විතරක් තිබුනත් ප්‍රමාණවත්,(දොඩම් යුෂත් එක් කරගැනීමට පුලුවන් නම් අපේ ආලේපනය සමට වඩා පෝෂණය සහ වඩා තෙමනයක් ගෙනඒමට ගෙන ඒමට උදවු වනවා)


උපදෙස්:-  ඔබ ඔබේ මී පැණි හා දෙළුම් යුෂ මදක් රත් කර, මිශ්‍ර කර, තොල් වල හොදින් ගාන්න(ඔබට එම රසයට ආලේපනය ලෙවකෑමට හිතෙන්නේ නැත්තම් එය සේදීමටද අවශ්‍ය නැත),නැතිනම් ආලේපනය ගෑමෙන් පසු විනාඩි 15 ක් පමණ එහි ක්‍රියාකාරිත්වය සිදුවීමට තැබිය යුතයි.(එම කාලය ඇතුලත සැරින් සැරේ ආලේපනය කිරීම කිසිම වරදක් නැත),ඉන්පසු සෝදා ඉවත් කරන්න.
                             "මෙය මසකට සැරයක් කිරීම ප්‍රමාණවත් වේ."
පුළුවන් තරම් කෘතීම Balm,cream වර්ග වලින් ඈත් වී මෙවැනි ස්වභාවික ප්‍රතිකාර වලට යොමු වෙන්න.එය සැමතින්ම ඔබට සුවදායක වනු ඇත.