ISIS යනු කවුද?ඔවුන්ගේ සැබෑ අරමුණ මොකද්ද??අපි ඔවුන්ට බිය විය යුත්තේ ඇයි??



පසුගිය මාස කිහිපය තුල තුල සිදු වූ සිද්ධීන් සමග බොහෝ අයට ISIS යන නම තරමක් හුරු පුරුදු ය. ඔවුන් මැද පෙරදිග හා ඉන් ඔබ්බට ඔවුන්ගේ සුභසිද්ධිය වෙනුවෙන් ප්‍රචණ්ඩත්වය, ත්‍රස්තවාදය හා ලේ වැගිරීම් කරමින් දිගින් දිගටම ව්‍යාප්ත වෙන ත්‍රස්ත කල්ලියක් වේ.මේ ඔවුන් පිළිබද විස්තරයකි.

ඔවුන්ගේ නම:


ISIS යන්නෙහි අර්ථය ඉරාකය හා සිරියාවේ ඉස්ලාමීය රාජ්‍යය ( Islamic State of Iraq and Syria) නම් වේ. ISIL (Islamic State of Iraq and the Levant) සහ IS  යන අර්ථයෙන්ද හදුන්වයි.Abu Bakr al-Baghdadi, 2010 වසරේ සිට ISIS හි නායකයා වෙයි.එමෙන්ම ඔවුන් හදුන්වන පරිදි සියලු මුස්ලිම් වරුන්ගේද නායකයාද වෙයි.


ඔවුන්ගේ ඉතිහාසය:


ISIS කණ්ඩායම 1999 දී  ජෝර්දානු අන්තවාදී Abu Musab al-Zarqawi විසින් ආරම්භ කරන ලදී. වසර පහක් ඇතුලත al -Zarqawi තම නව කණ්ඩායම ඔසාමා බින්-ලාඩන් සහ අල්-කයිඩා සමග එකතු වී ඇසුරු කිරීමට තීරණය කළා.මොවුන් සියල්ලම ජිහාඩ් සංකල්පය  ("අරගලය.") අනුගමනය කරන ඉස්ලාම්වාදීන් හෝ Jihadists, ඉස්ලාමීය අන්තවාදීන් ලෙස සලකයි.මොවුන්ට සමානව තලේබාන්, බොකෝ හරාම්, අල්-කයිඩා, හමාස් හා හිස්බුල්ලා නම් විවිධ සමාන කණ්ඩායම් දශක ගණනාවක් තිස්සේ මෙම සංකල්ප ඔස්සේ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් කරමින් ලෝකයම බියගැන්වුවේය.

2014 මුල වන විට,ISIS කණ්ඩායම සමහර අවස්ථාවල දී ලෙස දරුණු අයුරින් ක්‍රියාකරන නිසාත් ඔවුන්ගේ ක්‍රියාවන් සඳහා වගකිම්  හවුලේ හෝ ගැනීමට ප්‍රතික්ෂේප කරමින්  අල්-කයිඩා  නිල වශයෙන්  ISIS කණ්ඩායම සමග වෙන් වී ගියේය.එදා සිට ස්වයං-තිරසාර ආයතනයක් බවට පත් වෙමින් මැද පෙරදිග තුල දිනෙන් දින වර්ධනය වෙමින් මිලේච්චත්වයෙන් කීර්තිමත් වෙමින් ඉදිරියටම තවමත් ගමන් කරයි.

ඔවුන්ගේ මතවාද:


ISIS ඉතාම දරුණු ඉස්ලාමිය ක්‍රමවේදයක් වන "Salaf al salih"(එහි අර්ථය දැහැමි මුතුන් මිත්තන් යන්නයි) නම් ක්‍රමවේදයක් අනුගමනය කරයි.එහි අරමුණ අල්-කුරානය සහ Shari'a නීතිය ඉතා දැඩි ලෙස ක්‍රියාත්මක කිරීම තුලින් ප්‍රචණ්ඩත්වය සහ ලේ වැගිරීම් තුලින් අල් කුරාන් හෝ ඉස්ලාමිය ආධිපත්‍ය පිහිටුවීමයි.ඔවුන් විශ්වාස කරන්නේ "Mhadi" (මගපෙන්වන්නා) ඉක්මනින්ම ලෝකයට පැමිණ ඉස්ලාමියන් මුදවාගන්නා බවත් ඔවුන් පැමිණෙන විට සියලුම දේ ලෑස්ති වී තිබිය යුතු බවත්, එමනිසා මෙයට සහ Abu Bakr al-Baghdadi හට එරෙහි වන  සියලුම අපරදිග, ක්‍රිස්තියානි සහ යුදෙව් ජාතිකයන් සහ මෙයට එරෙහි වන ඕනෑම මුස්ලිම් ජාතිකයෙක්ම(හමාස් මුස්ලිම්වරු වැනි) මරණයට කැපවී ඇති බවත්ය.

ඔවුන්ගේ ක්‍රම/උපක්‍රම:


ISIS හට ඔවුන්ගේ ම්ලේච්වත්වය තුලින් කිර්තිමත්බව ස්ථාපිත කිරීමට ගත වුයේ, මාස 18කට වඩා අඩු කාලයකි.ඔවුන් ඉතා දරුණු ත්‍රස්තවාදී සංවිධානය ලෙස හඳුන්වන අතර, ඔවුන් හොඳින් ගරිල්ලා සටන් පුහුණු කළ ඉතා ඉහල ගනයේ යුද පුහුණුවක් සහිත කණ්ඩායමක් වෙයි(මෙසේ පුහුණුවක් ඔවුන් තනිවම ලැබුවේ කෙසේද යන්න තවමත් ප්‍රසිද්ධ ගැටලුවකි.)

ඔවුන් ස්ත්‍රී දූෂණ,ජීව පිලිස්සීම් සහ බිය ගැන්වී ප්‍රධාන ලෙස ඔවුන්ගේ බියගැන්වීමේ අවි ලෙස යොදා ගනී.මීට අමතරව, ඔවුන් ලෝකය පුරා සිය ත්‍රස්ත ප්‍රචාරක, මෙන්ම සටන්කරුවන්  බඳවාගෙන ලොවපුරා ව්‍යාප්ත කිරීමට සීමා මායිම් තොරව ඉස්ලාම් ආගම සිය වෙළෙඳ සන්නාම ලෙස භාවිතා කරමින් ඉතා කපටි ලෙස සමාජ ජාල සහ අන්තර්ජාලද භාවිතා කරමින් ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතී.