ඔබේ සහකාරිය/සහකරුවා සතුටු කරවීමට ක්‍රම 5ක්



ඔබේ පෙම්වතා වෙන්න පුලුවන්,පෙම්වතිය වෙන්න පුලුවන්.සැමියා,බිරිද වෙන්න පුලුවන්.ඔබ ඒ කවුරු උනත් ඔබ හැමවෙලාවෙම උත්සහ කරන්නෙ තමන් ආදරේ කරන කෙනාව සතුටින් තියන්න.ඒ දිහා බලාගෙන තමනුත් සතුටු වෙන්න.ඔබ හමවෙලාවෙම ප්‍රර්ථනා කරන්නෙ ඔවුන්ගෙ සතුට,ඔවුන්ගෙ සිනහව,ඔබෙ පවුලේ සතුට.මේ ඩිගහරුම එ වෙනුවෙන් ඔබට ගොඩක්ම ලේසියෙන්ම කරන්න පුලුවන් දෙවල් 5ක් ගැන.තමන්ගෙ සතුටට වඩ ඔහුගෙ/ඇයගෙ සතුටට ආදරේ කරන අය උත්සහ කරල බලන්න.





1) කතා කරන්න.


ඔබ ගොඩක් ප්‍රශ්න තියෙන කෙනෙක් වෙන්න පුලුවන්,කාර්යබහුල කෙනෙක් වෙන්න පුලුවන්,ඒත් පුලුවන් තරම්,හැමවෙලාව්කම ඔහු/ඇයත් එක්ක කතා කරන්න,එදිනෙදා වුන දේවල්,තමන්ගෙ ප්‍රශ්න තමන් කැමති,අකමැති දෙවල් ගැන කතා කරන්න. ඇය /ඔහු සමග කරන්න තියෙන දෙවල්,ගේ දොර වැඩ ගැන සැලසුම් කරන්න.දවසෙන් පොඩි වෙලාවක් හරි මේ විදියට කතා කරන්න පුරුදු වෙන්න.එතකොට ගොඩක් ප්‍රශ්න වලට විසදුම් ලැබේවි.ඔබේ ආදරයත් සතුටින් රැකේවි.


2) ඇහුම්කන් දෙන්න.


අනිත් වැදගත්ම කාරණේ තමයි ඇහුන්කන් දීම.මොකද කතා කිරීමෙන් විතරක් සන්නිවේදනය සාර්ථක වෙන්නෙ නෑ.ඒකට අහුන්කන් දෙන්නත් ඕන.ඔහු/ඇය ඔබට දෙයක් කියනකොට ඒක අවධානයෙන් අහගෙන ඉන්න ඕන.ඔහු/ඇය ඔබට ගැටලුවක් ගැන කියනව කියල හිතමු.ඒ හැමවෙලාවෙම ඔවුන් ඒකට උත්තරයක් බලාපොරොත්තු වෙන්නෙ නෑ,ඔවුන්ට ඕන තමන්ගෙ ප්‍රශ්නෙ,තමන් කියන දෙවල් අහන් ඉන්න කෙනෙක් විතරයි.ඔබ ඔවුන් දෙයක් කියනකොට ඒක ගැන ගානක් නැතුව හිටියොත් ඔවුන්ට දැනෙන්න ගන්නව ඔවුන්ට කවුරුවත් නෑ කියල,තනිකමක්.ඒ තනිකම සාර්ථක පවුල් ජීවිතයකට කොහෙත්ම ගැලපෙන්නෙ නෑ.


3) දිරිමත් කරන්න.


කිසිම කෙනෙක් සර්ව සම්පූර්ණ නෑ.හැමෝගෙම අතින් වැරදි වෙනව,හැමෝටම වරදින තැන් තියෙනව,ඔබ ඔහුට/ඇයට හිනා වෙනව,කැගහනව වෙනුවට ඒ වැරදි හදාගන්න උදවු කරන්න,වැරදුන වැටුන තැනින් ගොඩ එන්න ඔහුව/ඇයව උද්යෝගිමත් කරන්න.ආදරෙන් වැරදි පෙන්නල දෙන්න.ජීවිතේ කොතරම් වැටීම් තිබුනත් ඔවුන්ට ඉදිරියටම යන්න උද්යෝගිමත් කරන්න,දිරිමත් කරන්න එතකොට ඔහුට/ඇයට ඔබේ ගැන තියෙන ආදරය,විශ්වාසය තව තවත් වැඩි වේවි.


4) එකිනෙකාගේ හීන සාර්ථක කරගන්න උදවු කරන්න.


ඔබේ සහකරුවට/සහකාරියට අනිත් මිනිසුන්ට වගේම එක එක හීන තියෙන්න පුලුවන්,ඒවාට ඉඩ දෙන්න.ඔබ ඔහුව/ඇයව ඔබේ හීන තුලම හිර කරන්න එපා,සීමා පනවන්න එපා,ඔහු/ඇය ඔබෙ ආදරය වෙන්න පුලුවන් ඒත් ඔවුනුත් මනුස්සයන් බව අමතක කරන්න එපා.ඒ හීන ප්‍රතික්ෂේප නොකර කතාබහ කර සමතයකට පැමින ඔබත් ඒවාට උදවු කරන්න.ඔවුන්ගෙ හීන විහිලුවකට ගන්න එපා,ඒවට උදවු කරන්න ඔවුන් සමගම ඉන්න.


5) පුදුම කරවන්න.


හැමවෙලාවෙම ඔහු/ඇයව ආදරයෙන් පුදුම කරවන්න,ඔබ ඔවුන්ට කොච්චර ආදරේද යන වග අගවන්න.දවසින් දවස ආදරෙන් පුදුම කරවන්න.හැමවෙලාවෙම ඔවුන් අපේක්ෂා කරන දේට වඩා දෙයක් දෙන්න,එමගින් ඔහු හෝ ඇය ඔබට ඇති ආදරය තව තවත් වැවි වේ.ඔවුන් ඒ ආදරය දෙස බලා දිනෙන් දින සතුටු වේ.


ආදරයේදී වැදගත් වෙන්නෙ ඔබෙ අදරයේ සතුටයි.ඒ වෙනුවෙන් ඔබ ඕනම දෙයක්,ඕනම කැපකිරීමක් කරාවි.ඒත් ඔබ නොදැනීම ඒ සතුට රැකගන්න ඔබට ලේසියෙන්ම එදිනෙදා කරන්න පුලුවන් සුලු දේවල් ඔබ අතින් මගහැරෙන්න පුලුවන්.මතක තබාගන්න ඔහු/ඇය ඔබ කරන සුලු දේකින් පවා සතුටු වෙනව.වෙලාවකට ඒක පොඩි වචනයක් වෙන්න පුලුවන්,වෙලාවකට ඔබේ ඉරියවුවක් වෙන්න පුලුවන්,ඔබේ සිනහව,කටහඩ වෙන්න පුලුවන්.................................................

Author pic නෙලංක රන්සර(Nelanka ransara)