ලොව බිහිසුණුම ආහාර වෙළඳපොල

 මේ ලොව බිහිසුණුම ආහාර වෙළඳපොල? බල්ලන්,මීයන්,වවුලන් සහ වඳුරන් ආදී සතුන් රොස් කරන ඉන්දුනීසියාව.

 

ඉන්දුනීසියාවේ ටොමොහොන් වෙළඳපොලේ බල්ලන් ගින්නේ කර කර විකිණීමට තැබේ.

*මරණයට පත් කිරීමට පෙර බල්ලන් කුඩා කූඩුවල රඳවා තැබේ.

 
කූඩු කර ඇති සතුන්.

*තමන්ගේ වර්ගයා තම ඇස් ඉදිරිපිටම මරා දමා අමු අමුවේ ගින්නේ රොස් කරගන්න අයුරු දකින්නට තරම් මේ බල්ලන් කරුමක්කාරයන්ය.

බල්ලන් පුලුස්සන අයුරු

*වෙළඳපොලේ බල්ලන්ට අමතරව මීයන්,බළලුන්,වඳුරන් සහ වවුලන් ආදී සතුන්ද ආහාර පිණිස විකිණීමට තිබේ.

*මරණයට පත් කර රොස් කරගත් සතුන් මරුවිකල්ලෙන් මිය ගිය ස්වරූපයෙන්ම මේස මත විකිණීමට තබා ඇත.



මෙම මාංශ වෙළඳපොල පිහිටා ඇත්තේ ඉන්දුනීසියාවේ සුලවේසි දූපතේ උතුර ප්‍රදේශයේය.එහි ඉහත බල්ලන් බලලුන්,ඌරන්,මීයන්,පිඹුරන් ආදීන් සතුන් සම්පුර්ණ ශරීරය පිටින්ම රොස් කර විකිණීමට තබා ඇත.

පැය ගණනක් තිස්සේ කූඩු කර සිටින බල්ලන් අවසානයේදී ඝාතනය කරන්නේ එල්ලා තැබීමෙන්ය.ඉන්පසු ඔවුන් මිය ගිය ආකාරයෙන්ම ගින්නේ කර කර ගැනේ.

ඌරන් අල්ලාගන්නේ උගුල් අටවා වන අතර ඔවුනෙ එවෙලේම මරාදමයි.සර්පයන් හිස ඉවත් කර මරාදමන අතර බල්ලන් තොණ්ඩුවකින් හුස්ම හිර කර මරාදැමේ.

සෑම වසරකම බලු ආහාර වෙළඳපොල වෙනුවන් දසදහස් ගණනක් බල්ලන් ඝාතනය කරන බව වාර්තා වේ.ඉන්දුනීසියාව තුල බල්ලන් ආහාරයට ගැනීම නීත්‍යානුකූලය.

උපන්දිනය හෝ වෙනත් විශේෂ අවස්ථාවක් සැමරීම සඳහා සමහරක් පිරිස් සම්පුර්ණයෙන්ම රොස් කල බල්ලන් මිලදී ගනියි.

මෙලෙස සකස් කල බල්ලෙක්ගේ මිල ඉන්දුනීසියානු රුපියල්වලින් 250,000ක් හෙවත් යුරෝ 13ක් පමණ වේ.

රෝස් කර ගත් සතුන් මිලදීගැනීමට බාල ,තරුණ,මහළු ඕනෑම වයසක පිරිස් මෙම වෙළඳපොල වෙත පැමිණේ.

බල්ලන් මරා දමන අයුරු
පිලිස්සූ සතුන් විකිනීමට තබා ඇති අයුරු.


පිලිස්සූ සතුන් විකිනීමට තබා ඇති අයුරු.


පිලිස්සූ සතුන් විකිනීමට තබා ඇති අයුරු.

 

පිලිස්සූ සතුන් විකිනීමට තබා ඇති අයුරු.