ලොව ඇති අපූර්වතම ප්‍රින්ටර් 6ක්... (තත්පර 90න් කියවන්න.)

 ලෝකේ හැමදේම අමුතු විදියට වෙනස් වෙද්දි ප්‍රින්ටර් විතරක් තියෙයි කියල අපි කොහොමද හිතන්නේ. මේ තියෙන්නේ ඒ වගේ අරුම පුදුම ප්‍රින්ටර් 5ක්. 

#1 කෝපි ප්‍රින්ටරය. 

 ඇත්තටම කෝපී නෙමෙයි ප්‍රින්ට් කරන්නේ  කෝපි උඩ තියෙන ආර්ට් එක. 


#2 3D ප්‍රින්ට් කරන පෑන. 

මේ පෑන ඇතුලේ තියෙන්නේ උනු කරපු ප්ලාස්ටික්ලු. හැබැයි එලියට ආව ගමන් ඝන වෙනවලු 

#3 කාඩ්බෝඩ් ප්‍රින්ටරය. 

සැම්සුන්ග් සමාගම හදපු මේ ප්‍රින්ටරය හදල තියෙන්නේ සාමාන්‍ය ප්‍රින්ටරයක් වගේම කල් පැවැත්මක් තියෙන්න. හැබැයි එයාලගේ අදහස වෙලා තියෙන්නේ සංකීර්ණ ප්‍රින්ට් එන්ජින් එක සරල කරලා, ඔරිගාමි විදියට ඒක ගලවන්නත් ආයිම සකස් කරන්නත් පුළුවන් වෙන්න හදන එකලු. . 

#4 3D ප්‍රින්ට් කරන ස්ටුඩියෝ එක. 

  ස්ටුඩියෝ එකට ගිහිල්ල විනාඩි 15ක් එයාලා අපිව ස්කෑන් කරනකන් හිටියම එයාලා ගාව තියෙන කලර් ප්‍රින්ටර් එකෙන් අපිට අවශ්‍ය ප්‍රමාණයේ අපේම රූපය ගන්න පුළුවන්. 


#5 කෑම ප්‍රින්ටරය. 

 ඇමරිකාවේ කෝනල් විශ්ව විද්‍යාලය මගින් නිපදවා ඇති මෙම ප්‍රින්ටරය තවමත් පරීක්ෂන මට්ටමේ ඇති නමුත් එයාලා දැනටම චොකලට්, කේක් වගේ දේවල් ප්‍රින්ට් කරලලු.


#6 වතුර බිංදු ප්‍රින්ටරය.

ජපානයේ ඔසාකා නගරයේ ස්ටේශන් සිටි එකේ තියෙන මේ වතුර බිංදු ප්‍රින්ටයර නව තාක්ෂණයෙන් ගුරුත්වයට බල පෑම් කිරීමේ අනාගතය අපට පෙන්වන්නක්.