තම දරුවන් තිදෙනා මිහිදන් කරන දවසේ මව ෆේස්බුක් එකට දැමූ කතාව.


ජෙනිෆර් නෙවිල් ලේක්, ඇයගේ ස්වාමිපුරුෂයා, දරුවන් තිදෙනා සහ ඇයගේ මවත් පියාත් සමඟ ඔවුන් සතුටින් විනෝදයෙන් ඔවුන්ගේ පෞද්ගලික ගමනක් යමින් සිටියා. මේ සුහද කතා බහ අතරේ එක්වරම ක්ෂණයකින් සිදුවූ දේ ඔවුන්ට සිතා ගැනීමට වත් නොහැකිවුනා. වාහනයක් විත් ඔවුන්ගේ වාහනයේ වැදුනා. පිටුපසින් ආ තවත් වාහනයක් වේගය පාලානය කර ගත නොහැකිව ඔවුන්ගේ වාහනයේ වැදුණා. අවසානයේදී මේ අනතුරින් ජෙනිෆර්ට තම පියාත් දරුවන් තිදෙනාත් අහිමිවුනා. 


පහත දැක්වෙන්නේ එම දරුවන් තිදෙනා තම දෙමාපියන්ගේ විවාහ සංවත්සරය ඉදිරිපත් කිරීමට නැටුමක් පුරුදුවන ආකාරයයි. මේ කෙලිලොල් දරුවන් තිදෙනාම මියගියා යන්න සිහිවන විට හිතට දැනෙන්නේ මහා මූසල හඟීමක්. දෙමාපියන් ජීවිතය පුරා ආදරෙන් රැකගත් මල් කැකුළු තුනම එකවර තමන් අතහැර සඳහටම නික්ම යෑම එම දෙමාපියන්ට කොතරම් නම් වේදනාවක් වන්නට ඇත්ද? ජාති ජාති වත් නොවිදිය යුතු අත්දැකීමකි එය. 


පහතින් දැක්වෙන්නේ ඇය ෆේස්බුක් එකට දැමූ වීඩියෝව ඇතුලත් පෝස්ට් එකයි.